ගිනි ගණන් ගිය ගෑස් තෙල් මිල නිසා බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු යකා නටයි - දරමිටි කරේ තියන් සභාවට එයි

Report

රජය විසින් ගෑස් සහ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බේරුවල ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (07) දින සභා ගැබ තුළ විරෝධතාවයක නිරත වූ බව වාර්තා විය.

ඒ අනුව අප්‍රේල් මාසයට අදාළව අද (07) පැවැති මාසික සභා වාරය ආරම්භයේදී මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය හිමි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිරුරේ කළු පටි බැඳගෙන සහභාගී වූ බව සඳහන්.

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට

මේ අතර ඔවුන් රජයේ මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් කුරුඳු දර මිටි කරපින්නාගෙන සභා ගැබ වෙත පැමිණීම කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වත්මන් රජය යටතේ ගෑස් සහ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම නිසා සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත්, නැවතත් දර භාවිතයට ජනතාවට සිදුව ඇති බවත් සංකේතවත් කරමින් මෙම විරෝධතාවය පැවැත්වූ බවයි.

එමෙන්ම විරෝධතාවය මධ්‍යයේ සභා වාරය ආරම්භ වූ අතර මන්ත්‍රීවරුන් දිගින් දිගටම රජයේ පාලන ක්‍රමවේදය විවේචනය කරමින් සිය අදහස් දක්වා තිබුණා.

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

අප්‍රේල් 20 සිට මේ අයට ඉන්ධන සහනාධාරයක් - කැබිනට් අනුමැතිය

අප්‍රේල් 20 සිට මේ අයට ඉන්ධන සහනාධාරයක් - කැබිනට් අනුමැතිය