22 ගැන විපක්ෂයේ අලුත් මෙහෙයුමක් - සජබය සහ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය සාකච්ඡා කරයි

Report

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවැත්විණි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාද කිරීමේ සහ සම්මත කිරීමේදී විපක්ෂ දේශපාලන පක්ෂ සහ සියලු පාර්ශ්වයන් ඒකරාශීව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී විපක්ෂ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති විය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් පත් කරයි

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් පත් කරයි

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් සහභාගි වූහ.

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත සහ සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ගෝඨාභය FCIDයෙන් පිටව යයි - ''පැය කිහිපයක ප්‍රකාශයක් දෙයි''

ගෝඨාභය FCIDයෙන් පිටව යයි - ''පැය කිහිපයක ප්‍රකාශයක් දෙයි''