තවත් නරක නිවේදනයක් - සයිනොපෙක් සුපර් ඩීසල් මිල ආයෙත් ඉහළට
සයිනොපෙක් සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් (LAD) රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවයි.