මෙවරත් සජබ මැයි රැලිය වතුකරයේ!
සමගි ජන බලවේගය සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානය එක්ව මෙවර මැයි දින පෙළපාලිය සහ ජනරැළිය තලවකැලේ නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඔහු මෙම අදහස් දැක්වූයේ, මැයි දින උත්සවය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එම රැස්වීම සිදුවියේ හැටන් නගරයේ පිහිටි කඳුරට ජනතා පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීය.
එයට දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ පළනි දිගාම්බරම්, කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය යන සංවිධානවල නියෝජිතයන්ද සහභාගි වී සිටියහ.
වි. රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම උත්සවය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පක්ෂයේ නායකයින් සහ සාමාජිකයින් විශාල පිරිසක්ද එයට සහභාගි වන බවය.
මැයි දින ජනරැළිය තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදීත්, පෙළපාලිය තලවකැලේ නගරය තුළද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
