සජබේ ඇතුළෙන්ම විරෝධයක්

Report

"සමගි ජන බලවේගය" පක්ෂය නියෝජනය කරමින් අකුරැස්ස කොට්ඨාසය නියෝජනය සඳහා ඉදිරිපත් වූ රාමසාන්දරම් ලාසර් මහතා, තමාට ප්‍රාදේශීය සභා සභිකත්වය ලබා නොදුන් බවට විරෝධය පළ කරමින් අකුරැස්ස ප්‍රාදේශීය සභා පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

උතුම් පොහොය දා අක්ෂි දන්සලක්..එක් වෛද්‍යවරයෙක්ගේ අදහා ගත නොහැකි වැඩක්

උතුම් පොහොය දා අක්ෂි දන්සලක්..එක් වෛද්‍යවරයෙක්ගේ අදහා ගත නොහැකි වැඩක්

ඔහු සඳහන් කළේ, පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ වදී ඉහළම මනාප ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළද, එයට වඩා අඩු මනාපයක් ලබාගත් පුද්ගලයෙකු ලැයිස්තුවෙන් සභිකත්වයට පත්කර ඇතැයි යන බවය.

එමෙන්ම, සිංහල සහ දෙමළ ජනතාව එකට වෙසෙන තම ප්‍රදේශය නියෝජනය කරමින් ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ අවස්ථාවක් තමන්ගෙන් උදුරාගෙන ඇති බවත්, ජාතික සමඟිය හා සහජීවනය දියුණු කිරීම සදහා මෙවන් ක්‍රියා මඟහරින බවත් ඔහු චෝදනා කළේය.

කන්ටේනර් ගැන උදයයි ගම්මන්පිලයි බොරු නම් කිව්වෙ වැඩ වරදි - සුනිල් වටගල

කන්ටේනර් ගැන උදයයි ගම්මන්පිලයි බොරු නම් කිව්වෙ වැඩ වරදි - සුනිල් වටගල

පක්ෂයේ ඉහළ නායකත්වය මෙම කරුණට අවධානය යොමුකර, තමාට සාධාරණය පිරිනමන ලෙස ඔහු ඉල්ලීමක් ද කළේය.