දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක් - වාහන 06ක් විනාශයි

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර, 3.8, 3.4 සහ 3.2 කිලෝමීටර් කණු ආසන්නයේදී අද (07) පස්වරුවේ පැය භාගයක් තුළ සිදු වූ අනතුරු තුනකින් වාහන 06ක් අනතුරට ලක්වී තිබෙනවා යැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි.

දඹුල්ලේ සිට අහංගම දක්වා එළවළු ප්‍රවාහනය කරමින් ගමන් කළ ලොරි රථයක් පාර මැද පෙරළී යාම නිසා සිදු වූ අනතුරක් හේතුවෙන් පැයකට ආසන්න කාලයක් මාර්ගයේ එක් මංතීරුවක් වසා තබන්නට සිදු විය.

මතුගම කාණුවක නාදුනන මළ සිරුරක්

මතුගම කාණුවක නාදුනන මළ සිරුරක්

එම ලොරි රථයේ ටයරයක් පුපුරා යාම නිසා මෙම අනතුර සිදු වූ බව වාර්තා වෙයි. ඒ ආසන්නයේ, කි.මී. 3.4 කණුව අසල සිදු වූ තවත් අනතුරු දෙකක් සහ එක් මංතීරුවක වාහන ගැටීම නිසා, මෙම අනතුරින් බස් රියක් ඇතුළු වාහන 06ක් අනතුරට ලක්විය.

නමුත්, මෙම අනතුරු වලින් කිසිවෙකුටත් තුවාල සිදු නොවී ඇති බව පොලිසිය වාර්තා කරයි.

මහ මග දරුණු වළියක් -ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි

මහ මග දරුණු වළියක් -ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි