පළමු වරට කොළබ පැමිණි 14 හැවිරිදි නැගණිය අතරමං කර අක්කා පෙම්වතා සමග පැනයයි
වැලිගම පදිංචි 23 හැවිරිදි තරුණියක් සිය 14 හැවිරිදි නැගණිය සමග වැලිගම සිට කොළඹ පැමිණි කොළඹ කොටුවේ දී නැගණිය අතහැර පෙම්වතා සමග පැනගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.
සිය සොහොයුරිය විසින් අතරමං කර දමාගොස් සිටි 14 හැවිරිදි දැරිය මධ්‍යම බස්නැවතුමේ අඩමින් සිටියදී එම පොලිස් මුරපොලේ නිලධාරීන් බාරයට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මොවුන් දෙදෙනා වැලිගම ඉබ්බාවල දුෂ්කර ප්‍රදේශයක පදිංචිකාරියන් බවත්, ජීවිතේ පළමු වතාවට කොළඹට පැමිණ ඇත්තේ ඊයේ (21) දින බවද පොලිසිය කියයි. 23 හැවිරිදි සැකකාර තරුණිය බෙහෙත් ගැනීම සදහා යැයි සිය මවගෙන් මුදලක් ද ඉල්ලාගෙන 14 හැවිරිදි දැරිය ද සමග වැලිගමට නගරයට යන බව පවසා පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
වැලිගම නගරයට පැමිණි ඔවුන් දෙදෙනා කොළඹ මාතර බස් රථයකින් කොළඹට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කොළඹට පැමිණි පසු සැකකාර තරුණියගේ දුරකතනයට පෙම්වතාගෙන් ඇමතුමක් ලැබී ඇති අතර පසුව ඇය සිය 14 හැවිරිදි සොහොයුරිය අමතා රුපියල් 1000 ක අතට දී මාතර බස් රථයකින් යළිත් වැලිගම නිවසට යන ලෙසට දැනුම් දී දැරිය බස් නැවතුමේ අතහැර තරුණිය පෙම්වතා සමග පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
පසුව පොලිසිය දැරියගේ මව්පියන් පොලිසිය වෙත ගෙන්වා 14 හැවිරිදි දැරිය බාර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |