තව සුළු මොහොතකින් උදාවෙන අලුත් අවුරුද්ද - කරන්න ඕන මෙන්න මේ දෙයයි..(PHOTO)

Report

මේ වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ලහි ලහියේ සූදානම් වෙනවා දැකගන්න පුලුවන.

තව සුළු මොහොතකින් උදාවෙන අලුත් අවුරුද්ද - කරන්න ඕන මෙන්න මේ දෙයයි..(PHOTO) | Sinhala Tamil New Year 13Th April 2024

මෙවර අලුත් අවුරුදු නැකැත් පත්‍රයට අනුව අද (13) අපරභාග 09.05ට සිංහල දමිළ අලුත් අවුරුද්ද උදා වේ.

අද අපරභාග 02.41 සිට හෙට (14) දින අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබෙනවා.

ඒ අනුව අපරභාග 02.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බව අලුත් අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වුණා.

අද ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ රාත්‍රී 11.06ට වන අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, තල – උක් හකුරු මිශ්‍ර කිරිබතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම යහපත් බව ජ්‍යෝතිශ්‍යයේ සඳහන් වේ.

අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

අවුරුදු සමයෙන් පසුව ගැන කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


එමෙන්ම, වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය සෙනසුරාදා (13)  මධ්‍යම රාත්‍රී 12.06ට හෙවත් ඉරිදාට (14) එළිවෙන 00.06ට යෙදී තිබෙනවා.

කෙසේ වෙතත්, එම සුබ නැකතින් නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා එය සිදුකළ යුතු බව මෙවර අවුරුදු නැකැත් පත්‍රයේ දැක් වේ.

Gallery