උද්ඝෝෂණ මැද ඇවන්ගාඩ් අධිපති සේනාධිපති පාන්දර 3.30ට කළ වැඩේ..
sri lanka
abroad
gagana news
Sri lanka sinhala news
today trending news
averngard secretary
Mr.Senadeepathi
By krishani
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රටින් පිටව ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ අතර අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සේනාධිපති මහතා අද(05) පාන්දර ඩුබායි බලා පිටත්වූ ගුවන්යානයකින් රටින් පිටත් වූ බවය.
ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයින් ඊයේ(04) මාලේ බලා පිටත්ව ගොස් ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ,
"නිශ්ශංක සේනාධිපති ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රධානී, මේ රටේ මහජන දේපළ කෝටි ගණන් හොරකම් කරපු, අද උදේ පාන්දර 3.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් පැනලා තියෙනවා. ඔහුව වහාම අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලීසියට දැනුම්දෙන්නත්, මින් ඉදිරියට මේ මහජන දේපළ කොල්ලකා හොරුන් රටින් පැනලා යෑම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළ වහලා හරි ඔවුන්ව අධිකරණය හමුවට පමුණුවන්න." යනුවෙනි.