අද(02) දිනයේ පැය 8 1/2 ක විදුලි කප්පාදුවක් සිදු වන්නේ මෙහෙමයි ! (VIDEO)

sri lanka shedule gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Apr 02, 2022 12:16 AM GMT
krishani

krishani

Report

ජනතාවට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සම ගොනු කර ඇත්තේ විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ලබාදෙන ලෙසට, බලශක්ති අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්.

විදුලිබල, බලශක්ති සහ මුදල් අමාත්‍යාංශ එහි එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

බලාගාර පවත්වාගැනීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා සිදු කරන විදුලි කප්පාදුව අද (02) දිනයේදී පැය 8 හමාරක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් සහ භූමිතෙල් මිල දී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ පෝලීම් ඊයෙත් පැවති බව වාර්තාකරුවන් සඳහන් කළා.

මෙවන් පසුබිමක ඩීසල් මෙට්‍රික් ටොන් 40, 000 ක් අඩංගු නෞකාව ඊයේ රාත්‍රි 11.30ට පමණ මෙරටට පැමිණෙනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ලබන සඳුදා ගෑස් අඩංගු නෞකාවක් පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් අන්තර්ගත වන බවයි. එමෙන්ම, මේ වනවිට ගොඩබා ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3,800 බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ද ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, පවතින විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට විරෝධය පල කරමින් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. මොරටුව වඩු කාර්මිකයින්, ගාල්ලේ ධීවරයින් මෙන්ම පුත්තලම ලොරි රථ රියදුරන් ඇතුලු පිරිස් පැවැත් වූ විරෝධතා හේතුවෙන් එම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයන්හි වාහන ගමනාගමනයට එල්ල වුණේ දැඩි බාධාවන්. මොරටුවේ පැවති විරෝධතාවයේ දී විරෝධතාකරුවන් ඊයේ පස්වරුවේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, නගරාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ වඩු කාර්මිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමග දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කළ බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඊයේ වැල්ලවාය - කිරිඉබ්බන්ආර මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රශාලා පරිශ්‍රයේ පැවති රැකියා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේ දී එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ පිරසක් විසින් හූ හඩක් නගමින් මන්ත්‍රීවරයාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම උත්සවය රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ද සහභාගී වීමට නියමිතව තිබුණා.

ABCDEF

8 am - 12 pm අතර පැය 04ක්

4 pm - 7 pm අතර පැය 03ක්,

9 pm - 10.30 pm අතර පැය 1.30ක් ද,

GHIJKL

12 pm - 4 pm අතර පැය 04ක්

6 pm - 9 pm පැය 03ක්

10.30 pm - 12 am අතර පැය 1.30ක් විදුලි සැපයුම අත්හිටවනු ඇති.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now