මහ දවාලේ නාදුනන තුවක්කුකරුවෙක්ගෙන් වෙඩිල්ලක්
gagana news
Sri lanaka sinhala news
today trending
A gunman
Hospitalization
By krishani
වැල්ලම්පිටිය සාලමුල්ල ගමගේවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදුකළ වෙඩිතැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
බරපතළ තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 33 ක් වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාල ලද පුද්ගලයා කාන්තාවක් සමඟ ත්‍රීරෝද රථයකින් ගමගේවත්තට පැමිණ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |