රාජ්‍ය සේවකයින්ගේ පඩිය 25% කින් කපයි !

world salary gagana news Sri lanka sinhala news today trending china news
By krishani Feb 01, 2022 12:48 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීනය නිරතව සිටින බව වාර්තා වේ.

විදෙස් වාර්තා සදහන් කළේ සිවිල් සේවකයන්, ගුරුවරුන් වැනි පිරිස් මෙම ගැටලුවට මුහුණ දී ඇති බවයි.

ඇතැම් ප්‍රාන්තවල සිවිල් සේවකයන්ට සහ ගුරුවරුන්‍‍ට මේ වසරේ ජනවාරි මාසයේ දී ලබාදුන් ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගෙවන ලෙසට නියෝග කර ඇතැයි ද පැවසේ.

හෙනාන්, ෂිනැක්ෂි, ගුවන්ඩොන්ග්, හුබෙයි ඇතුළු ප්‍රාන්ත ගණනාවක වැසියන් මෙම තත්වයට මුහුණ දී ඇති බව එරට වාර්තා සදහන් කරයි.

කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම පහළ යාම මෙම අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට මූලික හේතුව බව ද සදහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now