හැමෝම අහනවා අපි දෙන්නගෙ විවාහය කවද්ද කියලා - මගෙ ආදරේ නැති වුණේ දුප්පත්කම නිසා(PHOTOS)

#Today gossips#sri lankan gossips#hot gossips#sachin liyanage#
By krishani Jan 08, 2022 04:47 AM GMT
krishani

krishani

Report

සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම කටුක අත්දැකීමක් සහිත දුක්බර අතීතයක් තියෙනවා.වර්තමානයේ ලංකාවේ සිහින කුමාරයා එසේත් නැතිනම් ජනප්‍රියම නළුවා බවට පත්වෙලා තියෙන්නේ සචින්.ධනුෂ්ක රත්නායක නිර්මාණ අධ්‍යක්ෂණයෙන් මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ රචනයෙන් හැඩ වී සිරස ටී.වී. ගෙන එන “කියා දෙන්න ආදරේ තරම්” නාට්‍යය මේ දිනවල විකාශය  වෙනවා. එහි “නිර්වාන්” නමින් චරිත රංගනයක යෙදෙන සචින් ලියනගේ ඔහු ෙග් අලුත් විස්තර ගැන  මේ විදියට පුවත්පතකට පවසා තිබුනා .

සචින් විතරද නම?

ලියනගේ දොන් සචින් සමීර. ඒත් හැමෝම දන්නා සචින් ලියනගේ.

ඉතිං සචින් කොහේද ගම එහෙම?

වත්තල

කියමුකො බලන්න සචින් කලාවට ආ හැටි?

 මගේ අල්ලපු ගෙදර ඉන්නවා රසාංග ඩි සිල්වා කියලා අයියා කෙනෙක්. එයා ගායකයෙක්. එයත් එක්ක මම ශ්‍රී ටී.වී. එකට ආවා ගියා. එයාගෙ ගීතයක් බාර දෙන්න. එයාගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් මම ඉඳගෙන හිටියා. ඒ අතරෙදි ශ්‍රී ටී.වී. එකේ සුජිත් අයියා ඇවිත් මගෙන් ඇහුවා මියුසික් වීඩියෝවකට ඉන්න පුළුවන්ද කියලා. පසුව මම ඒකට ගියා. ඒත්කෙ ටීනා - චමීර ලියනගේ ඉන්නේ, මහේෂ් සංජීව ගයනෙ. ඒකේ මම හිටියෙ දුෂ්ටයාට. ගීතයේ නම ඔයා වගේ තව කෙනෙක්. ඒක තමයි මම කැමරාවක් ඉදිරියේ රඟපෑ ප්‍රථම අවස්ථාව.

ඔයා ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණකින්ද?

වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලට ගියේ. මට ඕනෑ වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. පාසල් ටීම් එකේ වසරක් නායකයා වෙලා හිටියා. ඒ අතරෙදි මගේ තාත්තා නැති වුණා. එතකොට මට වයස 16 යි. පසුව ක්‍රිකට් ගමන නතර වුණා. ඉන්පසුව රැකියාවක් කරන්න පටන් ගත්තා. මුලින්ම ගියේ චයිනා හාබර් එකේ ටැලි ක්ලාක් ලෙස. ඒකෙ වසරක් වැඩ කළා. එතැනින් පසුව මියුසික් වීඩියෝව මගේ ගමන වෙනස් කළා. රංගනයට ආවේ ඉසුවයි.

රඟපෑම හරියටම පටන් ගත්තේ ?

දැනට මම කොමර්ෂල් (වෙළඳ දැන්වීම්) පනස් එකක් විතර කරලා තියෙනවා. එයින් වඩාත් ජනප්‍රිය වුණේ. සක්වික් ගෙදර බොන බීම එක නිසා. හැමෝම මට බෝඩිමේ පුතා කියන්න ගත්තා.

ටෙලි ක්ෂේත්‍රයේ පළ මු රඟපෑමද මේ?

නැහැ මේෂ්ක දෙවැන්න. 2017 දී හිරු එකේ අවුරුදු කුමාරයා තරගයේ අවසන් පහට ආවා. එයින් පසුව (හිරු) කළ අහමාලිගා ටෙලි නිර්මාණයට දායක වුණා. ඒකත් එක්ක මිනිස්සු වැඩි පිරිසක් මාව හඳුනා ගත්තා.  

මේ දෙවැන්නද?

ඔව්. මේ දෙවැන්න. කියා දෙන්න ආදරේ තරම්.

කාටද එහෙම කියන්නේ?

කියන්න කවුරුත් නැහැ තවම.

ඒ කියන්නේ හැඩකාර සචින්ට පෙම්වතියක් නැහැ?

තවම නැහැ. 

ඇයි ප්‍රේමයට තවම දොර ඇරියේ නැත්තේ?

මගේ ආදරය බ්‍රේක් වෙලා වසර දෙක තුනක් වෙනවා. ඒ බ්‍රේක් එකෙන් පස්සේ තවම හිතුවෙ නැහැ. දැන් මට හිතෙන්නේ මම වෙනුවෙන් කාලයක් දෙන්න.  

ආදරේ මොන වගේද?

ගොඩාක් අමාරු වුණා. ආදරයට බොරු කරන පුරුද්දක් මට ඒ කාලයේ ඉඳලම තිබුණේ නැති නිසා මට ආ දුක මම බෙදා ගන්නේ නැහැ. ඒත් සතුට බෙදා ගන්නවා. දුක මම ම තනියම විඳදරා ගත්තා.

ඇය මොන වගේ ක්ෂේත්‍රයකද?

ඇය සේවය කළේ ප්‍රධාන පෙළේ හෝටලයක පිළිගැනීමේ නිළධාරිනියක ලෙස.  

සචින් මොන වගේ කොල්ලෙක්ද?

හරිම සරල, මිනිස්සු එක්ක ඉන්න ආස කෙනෙක්.

යාළුවෝ ආදරයට අමතනෙ කොහොමද?

යාළුවො සච්චා’ කියලා මට කියන්නේ.   

සච්චාගේ ගෙදර විස්තර කියමු?

අක්කලා තුනයි. තාත්තා නැහැ. පොඩි අක්කත් නැති වුණා. අක්කලා දෙන්නා විවාහ වෙලා. මමයි අම්මයි පොඩි අක්කගෙ පුතයි තමයි අපේ පවුල. 

සචා ‘ජීවිතය’ කියන්නෙ මොකක් කියලද හිතන්නේ?

මම දකින විදිහට කොටස් දෙකකට බෙදෙනවා. එකක් දෙන මිනිස්සු කොට්ඨාසයක් උපදිනෙ තවත් පිරිසක් පෝෂණය කරගන්න. තවත් පිරිසක් ඉනෙ ඒ ලබා දෙන කොටස ගන්න බලාගෙන. ලබා ගැනීම තමයි එයාලගෙ ජීවිතය. ඒ කොහොම ගත්තත් ජීවිතය කියන්න බාධක කම්කටොළු මැදින් යන සතුට තියෙන තාවකාලික දෙයක්.

නිර්වාන්ට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ආධුනිකයකු ලෙස මම රඟපාන ප්‍රධාන චරිතය මෙයයි.

නිර්වාගේ දෙබසක් කියමු.

නිර්වාන් දිගැසිට මෙහෙම කියනවා. “ඩිග්‍රිය කට් කරාට පස්සේ ඔයාට කොහෙ හරි තැනක හොඳ රස්සාවක් හම්බවෙයි දිගැසි. කාලයක් යන කොට ඒ රස්සාවත් එක්ක ඔයාට අපේ රෙදි මෝලෙවත්තේ ජීවිතය එපා වෙයි

GalleryGalleryGallery
ReeCha