මේ පාර සිංහල අවුරුද්ද සමරලා හමාරයි - අවුරුදු නැකතට ප්‍රශ්ණයක් - මෙන්න විස්තරේ

Report

අලුත් අවුරුද්දට නැකැත් සීට්ටුවක් රජය ප්‍රකාශයට පත්නොකරන්නේ නම් තමන්ගේ ඊට අදාළ නැකැත් තොරතුරු ලබාගත්තේ කුමකටදැයි ජ්‍යෝතීෂ්‍යවේදීන් ප්‍රශ්නකර ඇත. ජ්‍යොතිෂවේදී විද්වත් කමිටුව අද (10) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී රවිශංඛ සේනානායක මහතා ඒ ගැන කරුණු දැක්වමින් පවසා සිටියේ,

සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික තීරණය මෙයට බලපා ඇති බවය.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

බක් මහේ සැමරෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානම සංස්කෘතික මංගල්‍යය වන අතර එය නැකැත් චාරිත්‍ර මත පදනම්ව සිදුවේ. සංස්කෘතික අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන නැකැත් කමිටුවක් මගින් අලුත් අවුරුද්ද සඳහා එකම පොදු නැකැත් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායයි.

කෙසේවෙතත් මෙවර සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු නැකත් කමිටුව විසුරුවා හැර ඇති අතර මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් සීට්ටුවක් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බව වාර්තා වේ.

Yes Boss නාට්‍යයෙන් රටම හිනැස්සු සමන් අල්මේදාට අසාධ්‍යයි - රසිකයන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි

Yes Boss නාට්‍යයෙන් රටම හිනැස්සු සමන් අල්මේදාට අසාධ්‍යයි - රසිකයන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ,

"මාධ්‍යයට ආණ්ඩුව කියලා තියෙනවා කිසිම නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නේ නෑ කියලා. ඔහු තමා මේ තීරණය අරන් තියෙන්නේ. මේක මේ කල්ලතෝනි රටක් බවට පත්කරන වැඩපිළිවෙලක් තමා සංස්කෘතික ලේකම්වරයා යෝජනාවක් කරන්නේ. අපි දන්න තරමින් ඔහු අනන්‍යාගමිකයෙක් කියලා අපිට අහන්න ලැබිලා තියෙනවා. ආණ්ඩුවක් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කරන්නේ නැත්නම් මොන මඟුලකට ද අපෙන් නැකැත් සීට්ටුව ඉල්ල ගත්තේ. එහෙම ගත්තා නම් මොකක් හරි නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කරන්න එපැයි."