ශ්‍රෙයා ගෝෂාල්ට වුණු ඇබැද්දිය

Report

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු එල්ල වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බව දැනුම් දී ඇත.

එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබේ.

එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහණකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටය.

එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X ගිණුම යථා තත්ත්වය පත් වූ විගස වීඩියෝවක් ඔස්සේ දැනුවත් කරන බවයි.

අම්පිටියේ සුමනරතන හිමි මහජන බැංකුවේ යකා නටයි..

අම්පිටියේ සුමනරතන හිමි මහජන බැංකුවේ යකා නටයි..

අල්ලස් ඉල්ලූ තරු පොලිස් සහ කොස්තාපල්ට වැඩ වරදී

අල්ලස් ඉල්ලූ තරු පොලිස් සහ කොස්තාපල්ට වැඩ වරදී