අල්ලස් ඉල්ලූ තරු පොලිස් සහ කොස්තාපල්ට වැඩ වරදී

By Gagana News Mar 02, 2025 10:42 AM GMT
Report

අල්ලස් මුදලක් ඉල්ලීම සහ එයට අනුබල දීම යන චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්නෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු මිලදී ගන්නා ලද ගොයම් කපන යන්ත්‍රය මිලදී ගන්නා ලද පුද්ගලයාගේ නොවන බව පවසා එයට එරෙහිව නීති මගින් කටයුතු නොකර සමථයකට පත් කර එම යන්ත්‍රය මිලදී ගත් මුදල නැවත ලබා ගැනීමට අවශ්‍යය කටයුතු කරදීමටත් පරණ යකඩ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දීම සඳහා රුපියල් 30,000ක අල්ලස් මුදලක් තුටු පඬුරක් ලෙස ඉල්ලා ඇත.  

තෙල් පෝලිම් පිටුපස ජුලී චං? අනුරට චෝදනාවක්

තෙල් පෝලිම් පිටුපස ජුලී චං? අනුරට චෝදනාවක්

එසේ අල්ලස් මුදල් ඉල්ලීම සහ ඉල්ලීමට ආධාර අනුබල දීම යටතේ හා එම මුදල් ලබා ගැනීමට සහාය වීම යන අල්ලස් චෝදනා මත ගල්නෑව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (01) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කැකිරාව මස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි එළැඹෙන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

ඉන්ධන හිඟයක් ගැන කතාව බිල්ලෙක්ද? - වීඩියෝ

ඉන්ධන හිඟයක් ගැන කතාව බිල්ලෙක්ද? - වීඩියෝ