අම්පිටියේ සුමනරතන හිමි මහජන බැංකුවේ යකා නටයි..
අම්පිටියේ සුමනරතන හිමිගේ ගිණුමෙන් මුදල් අයුතු ලෙස ලබාගෙන තිබෙන කාන්තාවක් සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය තුළ කතාවට ලක්වුණා.
මෙම මුදල් නැවත හිමියන්ගේ ගිණුමට බැර කරන බවට බැංකුවෙන් පොරොන්දුවත් මෙතෙක් එම ගැටලුව නිරාකරණය නොවීම නිසා අම්පිටියේ සුමනරතන හිමියන් අද මඩකලපුවේ පිහිටි රජයේ බැංකුවකට ගිය අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
අම්පිටියේ සුමනරත්න හිමියන් බැංකුවට යන විට එහි කළමනාකාරවරයා ඔහුව මගහැර ගොස් ඇති බවටයි සුමනරත්න හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ සඳහන් කළේ කඩිනමින් තමන්ගේ ගිණුමෙන් අයුතු ලෙස වෙනත් ගිණුමකට මුදල් බැර කර ඇති අතර එයට වග කිවයුත්තේ අදාළ බැංකුව බවයි සුමනරත්න හිමියන් වැඩිදුරටත් අදහස් දක්වා කියා සිටියේ.
අදාළ බැංකුව විසින් එම මුදල් නැවතත් ගිණුම් ගත කිරීමට මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධ වෙනුවෙන් සුමනරත්න හිමියන් අද දිනයේත් බැංකුව වෙත ගිය අතර එහිදී කළමනාකාරවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් සිටියා.
එහිදි උන්වහන්සේ ආයි වරක් අද දින අදාළ රාජ්‍ය බැංකුවට ගොස් තමන්ට යුක්තිය ඉටුවිය යුතු බවට කෑ ගැසූ බව ද සැලකිය යුතු කරුණකි.
