උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි
අද(02) දින සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 05.30 ට නිකුත්කර ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එසේම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.