ඩිජිටල් ක්‍රියේටර්ස්ලා බද්දෙන් නිදහස් කළ යුතුයි ද ? ඒ තර්ක නිවැරදි නැහැ

Inland Revenue Department paytm Income Tax Return
By Gagana News Mar 01, 2025 08:09 AM GMT
Gagana News

Gagana News

Report

Digital Content කරන අයට බැංකු ණයක්වත් දෙන්නේ නෑ කියලා ඉරාජ් මෙතන කියනවා. ඉතිං ඒක නිවැරදියිනේ. මොකද ඔවුන් ලබන ආදායම් කිසිතැනක වාර්තා වෙන්නේ නැහැ.

මේ අයගෙන් බද්දක් අය කළහොත් ඔවුන් ගැන ගැටළුවක් නොවන අතරම ඕනෑම ආයතනයක් සමග විශ්වාසයෙන් ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා.

YouTube ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් බද්දක් අයකිරීම හෝ නොකිරීම සිදුවුවත් නැතත් ඊට එරෙහිව දැනට කියවෙන මෙවැනි සමහර දේවල් තර්කයෙන් බැහැරයි. ඉරාජ් තවදුරටත් කියනවා,

මේ නිසා රටට ඩොලර් ගේන එක නවතිනවා කියලා.

ඉතා සුළු බද්දක් නිසා ඒ අය තම ඩිජිටල් නිෂ්පාදන මුදාහැරීම අඩුකරනවා නම් එහි පාඩුව පුද්ගලිකව ඔවුන්ට තමයි වැඩියෙන් දැනෙන්නේ.

මේ හේතුව නිසා ළමා රෝගීන්ගේ වැඩිවීමක්... ඔබේ දරුවා ගැන අවදානයෙන් ඉන්න

මේ හේතුව නිසා ළමා රෝගීන්ගේ වැඩිවීමක්... ඔබේ දරුවා ගැන අවදානයෙන් ඉන්න

ඒ වගේම යම් ඩොලර් ආදායමක් ලැබෙනවා නම් එය "කෙනෙකුගේ අතට ලැබීම රටට ලැබීමක්" නම් ඉන් ඉතා සුළු කොටසක් රජයට ලැබීම රටට ලැබීමක් නොවන්නේ කෙසේද? ඉරාජ් වගේම මේ සංවාදයේදී කියන තවත් දෙයක් තමයි මින් ලැබෙන ආදායම් පිටරට ගිණුම්වලට යාහැකි බව. ඇත්තටම එසේ වන්නේ නම් රට ඇතුලේ සිට හම්බු කරමින් ඔවුන් කරනු ඇත්තේ වංචාවක්. ලංකාවේ ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේද පුද්ගලික බදු (Personal Tax) නිසි ලෙස අයකර නොගැනීමයි.

ආදායම් පදනම් කරගත් එකී ක්‍රමවේදයේ මෑතකාලීන සංශෝධනය සමග විශේෂ බද්දක් හඳුන්වාදීමෙන් බැහැරව වුවද ඩිජිටල් කර්මාන්තයේ නිරත අයද ඊට ඇතුලත් කරගැනීම කිසිසේත් ගැටළුවක් විය නොහැකියි.

ඔවුන්ද රටේ වරප්‍රසාද බුක්තිවිඳින්නන් වන අතරම එනයින් සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමේ වගකීමක්ද ඇති බැවිනි.

ReeCha