හවස් යාමේ, මාලිගාකන්ද අධිකරණය ලඟ පත්තු කළ වෙඩිල්ලේ.. කරුණු රැසක් එළියට.. වෙලා තියෙන දෙය..

Report

අද (14) පස්වරුවේ කොළඹ මාලිගාකන්ද අධිකරණය අසළ දී වෙඩි තැබීමක් සිදුවිණ.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් වේ.

වහාම, අද සිට පැනවෙන තහනම.. මේ දේවල් කරන්න බෑ.. ජනතාවටයි මේ දැනුම්දීම..

වහාම, අද සිට පැනවෙන තහනම.. මේ දේවල් කරන්න බෑ.. ජනතාවටයි මේ දැනුම්දීම..

වහාම, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට.. නියෝගයක් මෙන්න..

වහාම, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට.. නියෝගයක් මෙන්න..

මෙලෙස තුවාල ලබා ඇති කාන්තාව නිලුකා දිල්හානි නැමැති කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක තැනැත්තියක් බව පොලිසිය පැවසීය.

මෙම කාන්තාව තවත් ඥාතී කාන්තාවක් සමඟ අද (14) අධිකරණයට පැමිණ ඇත්තේ ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණු සිය සැමියාගේ නඩු කටයුත්තක් වෙනුවෙන් බව තොරතුරු වාර්තා වේ.

එහිදී සැමියාට අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසු මොවුන් තිදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමඟ ඇප ලබා පැමිණි පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇත.

එහිදී වෙඩි ප්‍රහාරය ඔහුගේ බිරිඳගේ උදර ප්‍රදේශයට එල්ල වී ඇති බව පොලිසිය පැවසුවේ ය.

පොලිසිය සැකපළ කරන්නේ ඇප ලබා පැමිණි පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව ය.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

You May Like This Video👇 

.