කොහුවල වෙඩි තැබීමක්

Report

කොහුවල සරණංකර පාරේ බෝධියවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ. මෙම සිද්ධියෙන් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වාසි පිට වාසි ලැබෙන හැබැයි දුර දිග නොබැලුවොත් කරදර පිට කරදර එන අද සුබ අසුබ ලග්න

වාසි පිට වාසි ලැබෙන හැබැයි දුර දිග නොබැලුවොත් කරදර පිට කරදර එන අද සුබ අසුබ ලග්න

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, වෙඩිතැබීම සිදුකළ නිවස ප්‍රධාන ඉලක්කය නොවූ අතර එයට යාබදව පිහිටි වෙනත් නිවසක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ වෙඩිතැබීමට හේතු සොයා බැලීමට කොහුවල පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්

මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්