වාසි පිට වාසි ලැබෙන හැබැයි දුර දිග නොබැලුවොත් කරදර පිට කරදර එන අද සුබ අසුබ ලග්න

Report

 මේෂ ලග්නය

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වියදම බහුල කරයි. 

වෘෂභ ලග්නය

පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. 

මිථුන ලග්නය

අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත. උත්සාහවන්තව කටයුතු කරයි. 

කටක ලග්නය

වෙහෙසීම් බහුල කරයි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන කටයුතු අධික කරයි. අවිවේකී දිනයකි. 

හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා

හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා

සිංහ ලග්නය

දුරදිග බලා කටයුතු කරන්න. ළඟම හිතවතෙකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී. ඇවිදිලි වැඩිකරන දිනයකි.

කන්‍යා ලග්නය

ලැබීම් සහිතයි. ගැටලුවක් විසඳා ගැනීමට හැකිවෙයි. ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. 

තුලා ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. 

වෘශ්චික ලග්නය

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. දුරදිග බලා කටයුතු කරන්න

ආයේ කටුනායක ගුවන්තොටුපොළේදී මේ කරදර නෑ - වාසි ගොඩක් ගේන වැඩක්

ආයේ කටුනායක ගුවන්තොටුපොළේදී මේ කරදර නෑ - වාසි ගොඩක් ගේන වැඩක්

ධනු ලග්නය

පැවැති අවහිරතා මඟහැරී යයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. ඥාති උපකාරයක් හිමිකරයි. 

මකර ලග්නය

වගකීමකින් නිදහස සැලසේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. 

කුම්භ ලග්නය

සමාජසේවා කටයුතුවලට වැඩිකැමැත්තක් දක්වයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන දිනයකි. වාසි සැලසෙන කටයුතු කීපයක් යෙදේ.

මීන ලග්නය

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරගන්නා දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්