ජීවිත දෙකක් බිලිගත් අධිකරණ භූමියේ සිදුවූ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි. - (UPDATE/VIDEO)

Sri Lanka Police Sri Lanka Magistrate Court Crime Death Gun Shooting
By Wayomi Jan 16, 2025 04:46 AM GMT
Wayomi

Wayomi

Report

එම වෙඩි ප්‍රහාරය අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණි සැකකරුවන් පිරිසක් ඉලක්ක කර ඇති බවත්,වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදු වූ ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් පිරිසක් ඉලක්ක කොට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 2022 ජුලි 08 වැනිදා උයිලන්කුලම,නොච්චිකුලම ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර වු ගැටුම හේතුවෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කොට තිබු අතර, ඊට පළි ගැනීමක් වශයෙන් පසුගියඑමෙන්ම 2023 අගෝස්තු 23 වැනි දා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ දී දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කොට තිබු බවද මන්නාරම ආරක්ෂක අංශ පවසනවා.

අදාළ ගැටුමේ දිගුවක් ලෙසට අද (16) දිනයේ වෙඩි තැබීම සිදුව ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

..............................UPDATE.........................................

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මෙලෙස මියගිය සහ තුවාල ලැබූවන් නඩු කටයුත්තක් සදහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කර සිටියේ.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.

රජයෙන් තවත් අඩු පොලී ණයක්. - මාධ්‍යවේදීන්ට පුහුණුවක් සහ විශේෂ රක්ෂණයක්.

රජයෙන් තවත් අඩු පොලී ණයක්. - මාධ්‍යවේදීන්ට පුහුණුවක් සහ විශේෂ රක්ෂණයක්.


You May Like This Video

 

ReeCha