අද අළුයම ප්‍රදේශයක් උණුසුම් කරමින් වෙඩි ප්‍රහාරයක්..
අද (15) අලුයම දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ, එම ප්‍රදේශයේ නිවසකට එල්ල වී ඇති මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කර බව පොලිසිය සඳහන් කළා.
අදාල නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර 04ක් එල්ල වී ඇති බවද වාර්තා වේ.
පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දොඩංගොඩ පොලීසියෙන් සිදුකරන බවත්, කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් එම ස්ථානයට කැඳවා ඇති බවයි.
You May Like This Video