දකුණ උණුසුම් කරමින් අද උදෑසන බිහිසුණු වෙඩි තැබීමක්..පුද්ගලයෙක් මරුට.
දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රට පුරා සියලුම පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්..නිරුවත් ඡායාරූප ගැන පැතිර යන ආරංචිය මෙන්න..
පොලීසිය පැවසුවේ, එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
වෙඩිතැබීම කවුරුන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.