ගම්පහත් වෙඩිතැබීමක් (UPDATE)

Report

15 වන අද දින රාත්‍රී කාලයේ ගම්පහ පොලිස් වසමේ ගම්පහ නගරයේ 200 පොදු බස් නැවතුම්පොල අසලදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට වෙඩි තබා පලා ගොස් ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩි තැබීමේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ලොරි රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇති අතර ඔවුනට තුවාල සිදු වී නොමැත.

වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

-----------------------------------

ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙලස වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (15) රාත්‍රී කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඉන්දියානුවන් මෙරට කුලී වැඩවල…සංචාරක වීසාවලින් ඇවිත්

ඉන්දියානුවන් මෙරට කුලී වැඩවල…සංචාරක වීසාවලින් ඇවිත්

වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත.

වෙඩිතැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.

7ට මහියංගනේ ඇසුන වෙඩි හඬ

7ට මහියංගනේ ඇසුන වෙඩි හඬ

වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.