හිටපු ජනපතිට වෙඩි ප්‍රහාරයක්.
By Wayomi
බොලිවියාවේ හිටපු ජනපති එවෝ මොරාලස්ගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කළේ, නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදු කළ මෙම ප්‍රහාරයෙන් මොරාලස්ගේ රියැදුරුට තුවාල සිදුව ඇති බවයි.
පොලිසිය සහ හමුදාව එක්ව තමන් ඝාතනයට උත්සාහ කළ බවත් වත්මන් බොලිවියානු පාලනය ඊට වගකිව යුතු බවයි දිවි බේරාගත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
