එයාගේ ඇහැක් ඇහිඳලා අපේ අතට දුන්නා ...මල්ලිගේ ඝාතනය ගැන අක්කා කියන සංවේදී කතාව

Sri Lanka Gossip Today Crime Gossip Lanka Sinhala news
By Akash Mar 27, 2025 07:27 AM GMT
Akash

Akash

Report

මාතර – දෙවුන්දර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පසිඳු තාරක නම් තරුණයාගේ සොයුරිය සිය සොයුරාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළා.

එහිදී ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්.

”මගේ මල්ලී මාතර සෙන් තෝමස් විද්‍යාලයෙන් ඉගෙනගෙන රුසියාවේ කැම්පස් එකකින් ඩිග්‍රියක් අරගෙන නැවතත් ලංකාවට ඇවිල්ලා හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. දැනට විදුලිබල මණ්ඩලයේ සේවය කරේ.

ටික දවසක ඉඳන් මේ යාළුවොත් එක්ක ඇසුරු කළා. එයා දන්නේ නැහැ මෙච්චර ඒ යාළුවා ඇසුරු කළාට එයාගේ ජීවිතේට තර්ජනයක් වෙයි කියලා. එයා නොදැනුවත්කමට තමයි එදා බයික් එකේ නැගලා ආවේ.

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!

නිකරුණේ එයා නොදන්න දේකට එයාව අඳුරගන්නේ නැතුව මේ වෙඩි වැදුණා කියලා තමයි අපි දන්නේ. කවදාවත් ඔලුවක් උස්සලා පාරෙදි යන කොට බලන්නේ නැහැ මූණක්.

ඒ තරම් අහිංසක ළමයෙක්ට මේ වගේ දෙයක් වුණේ. තාත්තා තාම ගොඩබිමට ආවෙත් නැහැ. තාත්තා ගොඩබිමට එන කොට තව දවසක් දෙකක් ගතවෙයි. අක්කා කෙනෙක් විදියට අපි කොහොමද ජීවත් වෙන්නේ? අපිට හරි අමාරුයි. අපි මේ දරාගත්ත දේවලුත් දරාගන්න. මේ ටික දරාගන්නෙත් බොහොම අමාරුවෙන්.

නාමල්ගේ නඩුවේ විනිසුරු නඩුවෙන් ඉවතට

නාමල්ගේ නඩුවේ විනිසුරු නඩුවෙන් ඉවතට

මල්ලිගේ බොඩි එකේ මම හිතන්නේ ගන් ෂොට් තිබුණා ඔළුවේ පිටි පැත්තෙන් වැදිච්ච එක, වම් ඇහැක ගලවගෙන බිමට වැටෙන්න වැටෙන්න. කන් දෙක එයාගේ කන් දෙකේ ලස්සන කරාබු දෙකක් තිබුණා. කරාඹුවත් කඩාගෙනම ඇහැත් ගලවන් බිමට වැටෙන තරමට ෂොට් එක වැදිලා තිබුණා.

ඒකෙන් තමා එයා නැති වෙන්න ඇත්තේ. ඇඟේ තිබුණා වෙඩි උණ්ඩ මං හිතන්නේ. දාහතක්, දහ අටක් වගේ. ඌර බාහුව කැඩිලා තිබුණා. මැණික් කටුව ගාවින් කැඩිලා තිබුණා. ඉනට එකක් වැදිලා තිබුණා.එයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයා ලස්සන සුදු බෝලයක් වගේ කෙනෙක්.

නමුත් එයාගේ වම් ඇහැත් එක්ක සම්පූර්ණයෙන්ම මූනේ වම් පැත්ත. කන ඉඳලා එයාට නැතිවෙලා තියෙනවා ඒ වලින්. මං හිතන්නේ ඔලුවට වෙඩි හත අටක් නමයක් වගේ වැදිලා තියෙනවා. ඒක නිසා එයාගේ මුහුණ විකෘති වෙලා අපි අපිට පුළුවන් උපරිම උත්සාහය දරලා ලොකු වියදමක් දරලා. එයා කැමති නැහැ කැතට ඒ විදිහට අපි ගොඩක්ම උත්සාහ ගත්තා එයාගේ තිබුණු විදිහටම හදන්න. අපිට පුළුවන් උපරිමයෙන්ම කරා අපි. 

මුද්‍රා තියලා ගේන්න කැමති උන් නෑ. ඒක නිසා අපි පුළුවන් උපරිමයෙන්ම වියදම් කරලා මූණ හැදුවා. ලක්ෂ දහයකට වැඩිය ගිහිල්ලා තියෙනවා එයාගේ ඔය මූණ හදන්න. සම්පූර්ණයෙන්ම වම් ඇහැ බිමට වැටිලා තිබුණේ. වම් ඇහැ අපි ඇහිඳලා දුන්නේ. ඒ කියන්නේ අපි කැමති නැහැ. අපි අන්තිම මොහොතේ එයාව හරියටම අපිට මූණ දකින්න බැරි වුණානේ.”

මෙම ඝානයෙන් මියගිය යොමේෂ් නදිෂාන්ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා. එමෙන්ම මෙම ඝාතනය, විදේශයක සැඟව සිටින දෙහි බාලේ මල්ලී නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදිෂාන් අතර ඇති වූ ආරවුලක් මත සිදු වූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

යොමේෂ් සහ පසිඳු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව නිබුණේ මිතුරෙකුගේ නිවසක තිබූ උපන් දින සාදයකට සහභාගී වී ආපසු යමින් සිටියදියි. මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් පොලිසිය පසුගිය 05 වැනිදා සොයාගත් අතර අදාළ මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැය ද වෙනස් කර තිබෙනවා. මේ අතර මෙම ඝාතනය සිදුකළ දෙහිගෙදර බාලේ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා සමග සබදතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු පිළිබද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු සදහන් කළේ ඝාතනයට පෙර ද ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරු කරනු ලැබුවේ ද අදාළ පාතාල සාමාජිකයින් සමග සබදතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වීමත් සමග බවයි.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදුකෙරෙන්නේ ද ගන්දර පොලිසිය විසින්. ඝාතන සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවක ඇතුලු‍ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු බවට පැවසෙන කසුන් හෙවත් බිල්ඩර් නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.  


ReeCha