ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ශිරෝෂි දියණියගේ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)
ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ලාංකිකයන් බොහෝදෙනෙකුගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් ප්‍රවීණ ගායකයෙකු තමයි අමල් පෙරේරා කියන්නේ. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ තමයි ශිරෝෂි රොමේෂිකා. ඇයත් අමල් වගේම මෙරට බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දක්ෂ කලාකාරිනියක්. ඇත්තෙන්ම ඇය අපේ කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක් හැටියට වගේම නර්ථන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.
ඉතින් මේ සුන්දර කලාකාරිනිය අපට කාලයක් කලා නිර්මාණ තුළින් වැඩිය දැකගන්නට ලැබුණේ නැහැ. ඊට හේතුව ඇය කියන්නේ වසර තුනකට අධික කාලයක් සිය දියණිය සහ ආදරණීය පවුල වෙනුවෙන් කැපකිරීම කියලයි. කොහොම වෙතත් ඒ විදිහට කාලයක් ක්ෂේත්‍රය තුළ දැකගන්නට නොලැබුන ඇය පහුගිය කාලයේ බස් එකේ ස්කොලේ ටෙලි නිර්මාණය හරහා නැවත වතාවක් ප්‍රේක්ෂකයන් හමුවට ආවා. ඒ කොහොම වෙතත් අමල් සහ ශිරෝෂිගේ පවුල ලස්සන කරන්න ආපු ඔවුන්ගේ ආදරණීය දියණිය තමයි මෙරීසා අමාෂි පෙරේරා කියන්නේ.
ඇයටත් මේවෙද්දී වයස අවුරුදු පහක් පමණ වෙනවා කියලයි ශිරෝෂි නම් කියන්නේ. ඉතින් ඇය කියන හැටියට අම්මා නැතුවම බැරි දඟ මල්ලක් තමයි ඇයගේ දියණිය. ඒ වගේම ඇගේ මේ පුංචි දියණියට තිබෙන්නෙත් තාත්තාගේම ගතිගුණ කියලයි ඇය පවසන්නේ. මේ අතර දුව තාත්තාගේම කපාපු පාළුවක් නිසා තාත්තගේ අඩි පාරේම යයි කියලයි ඇයනම් කියන්නේ. ඒ කොහොම වෙතත් ඔවුන්ගේ මේ පුංචි පවුල කොයි කාටත් ආදර්ශමත් ලෙස ජීවිත්වන පවුලක් ලෙස අපට හදුන්වන්න පුළුවන්.
කෙසේවෙතත් මේ දක්ෂ රංගන ශිල්පිනිය ශිරෝෂිගේ උපන්දිනය පහුගිය දිනකදී යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය පවුලේ අය වගේම කලා ලෝකයේ තරු කිහිපයකුත් එකතු කර ගනිමින් උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා. එලෙස චාම්ව ලස්සනට සංවිධානය කර තිබුණු මේ උපන්දින සාදය අතරතුර ලබාගත් සුන්දර ජායාරූප පෙළක් අද අපට දැකගන්නට ලැබුණා.
ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන සජිත් දනුෂ්ක ඡායාරූප ශිල්පියා විසිනුයි.
කොහොම වෙතත් මේ විදිහට සිය උපන්දිනය සමරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියට සුබම සුබ උපන්දිනයක් කියලා අපිත් සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.










