ශිරන්තිගේ ID අංකය දාපු කෙනා බැංකු නිලධාරියෙක්ලු - නව හෙළිදරව්වක් මෙන්න

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන යන සමාජ සේවා ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන ‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියේ බැංකු ගිණුමට ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 222222222V ලෙස සටහන් වී ඇත්තේ තාක්ෂණික වැරැද්දක් හෝ අනුගමනය කළ ක්‍රමය නිසා වෙන්න ඇති කියල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේය.

ඔහු මෙහිදී විස්තර කළේ මෙසේය;

"මේ ගිණුම අරින්න ගිය අවස්ථාවේදී ඇය බැංකුවට අරන් ගිහින් තියෙන්නෙ පාස්පෝර්ට් එක. හැබැයි බැංකු ගිණුමක් අරින ඉල්ලුම් පත්‍රයේ පාස්පෝර්ට් අංකය ලියන්න එක තැනක් තියෙනවා, ID නම්බර් එක ලියන්න තව තැනක් තියෙනවා. ශිරන්ති මහත්මිය අරන් ගිහින් තියෙන්නෙ පාස්පෝර්ට් එක.

ID එක අරන් ගිහිල්ලා තිබිලත් නෑ, එහි අංකය ඇයට මතක තිබිලත් නෑ. පාස්පෝර්ට් අංකය ඊට අදාළ තැන දානවා. ID නම්බර් එකට එතන හිටපු බැංකු නිලධාරියා කරන්නෙ නිකන් ඩමි අංකයක් දානවා
ඒ ඩමි අංකය තමයි ඔය 2222222V කියලා දාලා තියෙන්නෙ.

මෙලො මනුස්සයෙක්ට මේ වගේ අංකයක් එන්න විදියක් නෑනෙ. ඒ අංකය පුරවන්නෙ නැතුව කම්පියුටර් එක ඒක පිළිගන්නෙත් නෑ. මේක තමයි මේ පසුකාලීනව වංචාවක් විදියට පෙන්වන්න ගන්නෙ…"

මෙහෙම ගිහින් කවදාවත් ආණ්ඩුවට ඩයස්පෝරාවේ උතුරේ හදවත දිනාගන්න වෙන් නෑ - නිදහස දවසේ වෙච්ච ලොකුම වැරැද්දට නාමල් දෙහි කපයි

මෙහෙම ගිහින් කවදාවත් ආණ්ඩුවට ඩයස්පෝරාවේ උතුරේ හදවත දිනාගන්න වෙන් නෑ - නිදහස දවසේ වෙච්ච ලොකුම වැරැද්දට නාමල් දෙහි කපයි

ඩඩ්ලි සිරිසේන බිලියන 2.7කට හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න

ඩඩ්ලි සිරිසේන බිලියන 2.7කට හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිය කතාවේ ඇත්ත නැත්ත මෙන්න