ඊයේ රටම උණුසුම් කරමින් රිමාන්ඩ් කළ ශිරන්ති රාජපක්‍ෂ බන්ධනාගාර ආරක්ෂාව මැද අද නවලෝක රෝහලට - හේතුව මෙන්න
‘සිරිලිය’ ගිණුමේ රුපියල් මිලියන 10 ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ(07) දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා අද (08) දින නවලෝක රෝහල වෙත යොමු කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඊයේ(07) දින අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබුණේ ඇය පෙළෙන අක්ෂි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම පිණිස, මීට පෙර ප්‍රතිකාර ලබාගත් අදාළ පෞද්ගලික රෝහලේ සුපුරුදු වෛද්‍යවරයා හමුවට ඇයව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
එබැවින් බන්ධනාගාර ආරක්ෂාව යටතේ අද දහවල් 12.30 ට ඇයව නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිත බව සඳහන්.