රිමාන්ඩ් කළ ශිරන්ති බන්ධනාගාර බස් රියට නැගීමේදී උණුසුම් තත්ත්වයක් - ආරක්ෂිත ස්ථානයක රැඳවීමට සූදානමක්[VIDEO]

Report

රක්ෂිත බන්ධනාගාර ගත කළ ශිරන්ති රාජපක්ෂ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට කටයුතු සූදානම් කර තිබෙන බවට බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ඒ අනුව කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, සැකකාර ශිරන්ති රාජපක්ෂ යන අයව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂා සහිත ස්ථානයක රඳවා තැබීමට සූදානම් කළ බව පැවසූ බව සඳහන්.

අල්ලස් කොමිසම මඟින් අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබුණා.

සුළු මොහොතකට පෙර රටම උණුසුම් කරමින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

සුළු මොහොතකට පෙර රටම උණුසුම් කරමින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

ඒ 'සිරිලිය සවිය' සංවිධානය ඔස්සේ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණක ගත ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබාදෙන බව කියමින්, ඒ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක (රු. 10,000,000/-) මුදලක් ලබාගෙන එම මුදලින් අදාළ යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ආකාරයට පරිහරණය කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මතයි.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා

සුළු මොහොතකට පෙර සිරිලිය වෙනුවෙන් ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට - හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,