මට රසට කෑම හදන්න පුළුවන්, හැබැයි කේක් නම් කොහොමවත් හදන්න බැහැ-ජනප්‍රිය නිලි ශේෂාද්‍රි ප්‍රියසාද් (PHOTOS)
අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. කොහොම නමුත් සති කිහිපයක සිටම නත්තලට සූදානම් වෙන අලුත බැඳපු ශේෂාද්‍රිගෙයි ක්‍රිෂාන්ගෙයි ජීවිතවල අලුත් ආරම්භයත් එක්ක හා හා පුරා කියලා සමරපු මංගල නත්තල ගැන පහුගිය දවසක පුවත්පතකට පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම මුල ඉඳන්ම ක්‍රිෂාන්ට කිව්වා නත්තලට මට ගේ ලස්සනට සරසන්නට ඕනෙ කියලා. ඒ නිසා අපි නොවැම්බර් මාසෙම ගිහින් නත්තල් ගහයි ඕන කරන සැරසිලි සේරමයි අරගෙන ආවා. පොඩි කාලේ ඉඳන්ම හැම නත්තලකටම අපි දෙසැම්බර් පළවැනිදා වෙද්දි ගේ සරසනවා.
ඒ පුරුද්දට මේ පාරත් වේලාසනින්ම අපි ගේ සැරසුවා. නත්තල කියන්නෙ කිතුනු අපිට උතුම් දවසක්. එදාට අපි සැරසිලි ආසාවට කළාට ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා. කිතුනු බැතිමතුන්ට හොඳ මිනිසුන් විදිහට ගත කරන්න කියලා දෙන කාලයක්. ඒක ඒ කාලයට පමණක් සීමා නොවෙන දෙයක්. මුළු ජීවිත කාලයටම හොඳ මිනිසුන් විදිහට අලුතින් හිතන්න, අලුත් වෙනසක් ඇතිකරන්න කියලා දෙන කාලයක්. නත්තල කියන්නෙ පවුලේ අපි හැමෝම එකට එකතුවෙන කාලයක්. හැම වසරේදිම වගේම මේ වසරේදිත් ඒ දවස උදාවෙන තුරු හරිම ආසාවෙන් බලා හිටියා.
ඉස්සරනම් නත්තල ඉවරවෙලා ඒ දේවල් අස්පස් කරන්නෙ හැම අවුරුද්දෙම අම්මා තමයි. අපි තුන්දෙනා එකතුවෙලා ගේ ලස්සන කළාට ඒවා අස්පස් කළේ අම්මා තනියමයි. මගේ නත්තල් ගහ සරසද්දි මට අම්මව මතක් වුණා. ඒක නිසා මම ඔක්කොම පිළිවෙළකට පෙට්ටිවල දාලා පැත්තකට කළා. නැත්නම් අම්මා තමයි ඒ හැමදේම කළේ.
දැනුත් අපිට විනාඩි විස්සකින් විතර අම්මලාගෙ ගෙදරට හයිවේ එකෙන් යන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හිටපු ගමන් අපි දෙන්නා එහෙ යනවා. කොහොමත් මම සතියකට දෙපාරක් විතර යනවාම තමයි අම්මව බලන්න. අක්කත් එන දවසට තමයි වැඩිපුර යන්න ආසා කරන්නෙ. චූටි පැටියා ඉන්නවනෙ. ඒ නිසා එයා ගෙදර එනවනම් මටත් කතා කරනවා.
අම්මා තාත්තත් අපේ ගෙදර එනවා. මට රසට කෑම හදන්න පුළුවන්. ඇත්තම කිව්වොත් නත්තල් කේක් එක මම හරියටම බේක් කරන්න දන්නෙ නැහැ. ඒක මට උත්සාහ කරන්නත් බැහැ. ඒක හරියට මගේ අතින් හැදෙන්න නැහැ කියලා මම දන්නවා. හැම අවුරුද්දෙම නත්තල් කේක් එක හැදුවෙ අම්මයි. මේ පාර ක්‍රිෂාන්ගේ අම්මා ඉන්න නිසා ආන්ටි හදලා දුන්නා. ක්‍රිෂාන්ගේ අම්මටත් හරි රසට නත්තල් කේක් හදන්න පුළුවන්.
ඉතින් ඒ වගේම අපි නත්තලට විතරක් හොඳ මිනිසුන් වෙන්නෙ නැතිව ජීවිත කාලයටම හොඳ මිනිසුන් වෙන්න උත්සාහ කරන්න ඕනෙ. හිතේ වෛරය, ඉසිරියාව නැතිව පිරිසිදු හිතින් ඉන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. හැමෝටම නිරෝගි ජීවිතයක් වගේම හැමෝගෙම හිත සතුටින් තියෙන, කරදරවලට මුහුණ දෙන්නෙ නැති, හිතට හයියක් ලැබෙන සැනසිලිදායක නත්තලක් සහ සුබ නව වසරක් වේවායි මායි ක්‍රිෂානුයි ප්‍රාර්ථනා කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |