අපි විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා, හැමෝම අපි වෙන් වෙනකන් බලාගෙන හිටියට ඒක කවදාවත් වෙන්නෑ-ෂෙරිල් ඩෙකර් (PHOTOS )
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියලා කියන්නේ. කොහොම නමුත් අදටත් ඇයව බොහෝ දෙනෙක් දන්නේ අමා කියලා කිවුවාමයි.
මොකද ඇය මුලින්ම රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ අමා ටෙලිනාට්‍ය හරහායි. ඉතින් අපේ කළා ක්ෂේත්‍රය තුලම ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමඟ විවාහ වෙලා ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දිනවල ඇය සුපුරුදු විධියට සතුටින් කාලය ගත කරනවා කියලයි ෂෙරිල් නම් කියන්නේ. ඒ වගේම ආයුර්වේදය පිළිබඳ ඉගෙන ගනිමින් ඉන්න නිසා තරමක් කාර්යබහුලයි කියලත් ඇය කියනවා.
කොහොම නමුත් ඇයට තවමත් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවාලු. නමුත් ව්‍යාපාර කටයුතුවලට කාලය යොදවලා තිබෙන නිසා රංගනය පැත්තෙන් එතරම් වැඩ භාරගන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය දැන් හර්බල් බියුටි ප්‍රඩක්ට් නිෂ්පාදන සිදුකරනවා. ඊට අමතරව සැලෝන් එකේ වැඩ කටයුතු සිදුකරගෙන යනවා කියලත් ඇය කියනවා.









