රොකට් මමී ජාත්‍යන්තර ධාවන පතයට සමුදෙයි
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටිදුර ධාවන ශූරියක්වන ෂෙලී-ඈන් ෆ්‍රේසර් හෙවත් රොකට් මමී ධාවනය පථයට සමුදීම නිවේදනය කර තිබේ.
ඇය ටෝකියෝහිදී පැවැති ලෝක ශූරතාවලියේ 4x100m සහාය දිවීමේ අවසන් තරගයෙන් රිදී පදක්කම ඊයේ දිනයේදී ජැමෙයිකාවට දිනාදෙමින් සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීම නිවේදනය කරන කලාය.
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක කාන්තා කෙටි දුර ධාවන ඉසව්වල සිය නාමය ඉහළටම ගෙන ගිය ෂෙලී-ඈන් ෆ්‍රේසර් පස් වතාවක් මීටර් 100 ලෝකශූරිය බවට පත් විය. ඇය දෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියක් වූ අතර ඉතිහාසයේ වඩාත්ම අලංකාර කාන්තා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක් විය.
සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරන විට 38 වියේදී පසු වුණි. 2019 වර්ෂයෙදී වයස අවුරුදු 32 දී මීටර් 100 ලෝක ශූරතාවක් දිනාගත් වයස්ගතම කාන්තාව බවට පත් වෙන්නට ඇය සමත් විය.පසුව ඉයුජින්හිදි වයස අවුරුදු 35 දී එම වාර්තාව තවත් වතාවක් අලුත් කරන ලදි. ඇය තම පුත්‍රයා වන සයෝන් බිහි කිරීමෙන් පසු ක්‍රීඩාවට නැවත 2017 වර්ෂයේදී පිවිසීය.
ඉන්පසුව 2019 ලෝක ශූරතාවලියේදී මීටර 100 ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමත් සමග ඇයව හදුවන්වනු ලැබුවේ "රොකට් මමී" යන අන්වර්ථ නාමය භාවිතා කරමිනි. ඇයව වෘත්තීය වශයෙන් ඉදිරියට ගෙනයනු ලැබුවේ වේගය පමණක් නොව දරාගැනීමේ හැකියාව තම ජීවිතයේ තේමාව වුණි.