රට අරින්නේ බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් විතරයි

covid19 isolated quarantine Shavendra silva travel restriction
By Sewvandhi Jun 08, 2021 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින බරපතල කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තියත් සමඟ පැනවූ සංචරණ සීමා ලිහිල් කිරීම විශ්ලේෂණය කර විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් සිදුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

දැනට පවතින නිර්දේශයන්ට අනුව සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදායි. මෙතෙක් හුදෙකලා කළ ග්‍රාමසේවා වසම්වලින් ග්‍රාම සේවා වසම් 77ක හුදෙකලාභාවය ඉවත් කළද එම ප්‍රදේශවල ජනතාවට තවදුරටත් සංචරණය සඳහා අවසර හිමිනොවන බව හමුදාපතිවරයා පවසා සිටියා.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ එම ප්‍රදේශවල තවදුරටත් කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් පැවතීමයි. මේ අතර ජුනි මස 10 සහ 11 වැනිදා විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව පහසුකම් සැපයීම සඳහා වැඩ පිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවට අයත් බස්රථ සහ ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදාගනිමින් විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට මේ අනුව කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now