රට පුරා විවෘත කරන සියලු තැන් ගැන යුධ හමුදාපති ගෙන් දැනුම් දීමක්..

Shavendra Silva Sri Lanka Mahinda Rajapakshe Economy center Shashendra Rajapaksha
By Aruna Sep 10, 2021 07:43 AM GMT
Aruna

Aruna

Report

පොහොය දින වල හැර සෙසු සෑම දිනයකම දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර දිවයිනේ සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (10) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ විශ්‍රාම වැටුප් ඇතුළු සමාජ දීමනා ගෙවීම සදහා තැපැල් කාර්යාල විවෘත කරන බවයි.

ඒ අනුව අද සිට දින හතක කාලයක් එම කාර්යාලය විවෘතව තැබෙනු ඇත.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන්ගේ සැප්තැම්බර් මස විශ්‍රාම වැටුප අද සිට ගෙවන අතර එම ගෙවීම් ඇතුළු වැඩිහිටි දීමනාව, ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම සදහා තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now .