ශෂින්ද්‍ර රාජපක්ෂට ඇප
අද (14) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
ඔහුට ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් සහ 50,000ක මුදල් ඇපයක් නියම කෙරුණු අතර සැකකරුට අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද නියම කර ඇත.
අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ රැගෙන ආ අතර ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ දින70ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම සහ විමර්ශන කටයුතු අවසන් අදියරේ පසුවන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.
ඉන් අනතුරුව කරුණු විමසා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ඇප ලබා දී ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.