ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ් භාරයේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය ලබා දී ඇත.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් යැයි සැලකෙන, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළක්, 2022 මැයි 09 වැනිදා ඇති වූ ජනතා අරගලයකදී හානියට පත්ව තිබේ.
එම දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප වී තිබියදී, ඔහු විසින් තම බලය භාවිත කරමින්, හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර එම වන්දි ගෙවීමට බල කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ක්‍රියාවලිය තුළින් රුපියල් 8,850,000 (ලක්ෂ 88)ක වන්දි මුදලක් ලබාගැනීම හරහා ‘දූෂණ’ වරදක් සිදුකර ඇති බවත්, මහවැලි අධිකාරියට අයත් දේපොළක් සාපරාධී ලෙස අවභාවිත කිරීම තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
