ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් බන්ධනාගාර ගත කරයි

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (12) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මහවැලි ඉඩමක ඉදිකර තිබූ රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය. එම කාර්යාලය වෙනුවෙන් රුපියල් 8 850 000/-ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” යන වරද සිදු කළ බවට චෝදනා කරමින්, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - CIDය අධිකරණයට දැනුම්දෙයි

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - CIDය අධිකරණයට දැනුම්දෙයි

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි