ලොවක් ආදරය කරන සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි..! (PHOTOS)
By Shehan
අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, ඉන්පසුව අමෙරිකාවේදී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ කුඩා ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි.
එම වාර්තා සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය. මේ අතර අනතුරින් පසුව ඔහු නැවත ඉන්දියාව වෙත පැමිණ ඇති බවත් සිය නිවසේ විවේක සුවයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.


