මම කවදා බඳීවිද කියලා මටත් හරියටම කියන්න බෑ” – නත්තල ජයටම සමරන ශනුද්‍රි කියන කතාව (PHOTOS)

gossip Shanudri
By Sithumi Dec 28, 2021 02:11 PM GMT
Sithumi

Sithumi

Report

කලා ලෝකයේ හැමෝම ගොඩක් ආදරේ කරන කළා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන පවුලක් විදියට ප්‍රියසාද් පවුල හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රියසාද් පවුලේ ඉන්නේ සහෝදරියන් තිදෙනෙක්. රූප සුන්දරියන් තිදෙනෙක්ම ඉන්න පවුල විදියට මේ පවුල හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේ පවුලේ රූප සුන්දරියන් දෙදෙනෙක්ම මේවන විට විවාහකයි. 

ඒ දිනක්ෂි සහ ශේෂාද්‍රි. මේ දෙදෙනාම විවාහ වෙන්නේ කලාවට සම්බන්ධ අය සමග. ඉතින් දැන් මේ පවුලේ තනිකඩව ඉන්න දඟකාරිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. පුංචි කාලයේ ඉඳල කලාවට සම්බන්ධව කටයුතු කරන ඇය පසුව ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුණා. ඒ, මේ දිනවල අතිශය ජනප්‍රිය දෙවෙනි ඉනිම නාට්‍යයේ සමල්කාගේ චරිතය හරහා. දීර්ඝ කාලයක් මෙම නාට්‍යට සම්බන්ධව සිටි ශනුද්‍රි පසුව එම නාට්‍යයෙන් පසුකාලීනව ඉවත්වෙනවා. 

ඉන්පසු ඇය විවිධ ටෙලිනාට්‍ය හරහා සිය රංගන දායකත්වය ලබාදුන්නා. නමුත් එම ටෙලිනාට්‍ය ලංකාවේ පේක්ෂකයින් අතර දෙවෙනි ඉනිම තරම් ජනප්‍රිය වුනේ නෑ. කොහොම වුනත් මේ වන විට පුංචිගේ පදවියත් දරණ ශනුද්‍රි තවමත් තනිකඩයි. ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්…. ”

හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. අක්කලා දෙන්නම බැන්දා ඔයා කවද්ද බඳින්නේ කියලා, ඇත්තම කියනව නම් මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. මම කවදා බඳීවිද කියලා මටත් හරියටම කියන්න බෑ…. මොකද මම තවම පෙම්වතියක් නෙවෙයි. බලමු ඉස්සහරහ මොනවා වෙයිද කියලා” ශනුද්‍රි ඔබ නත්තලට ගොඩක් ආසයි නේද..? 

 ”ඇත්තටම ඔව්. මම නත්තලට ගොඩක්ම ආසයි. මම සතුටින්ම ගතකරන කාලය තමයි නත්තල් කාලය කියන්නේ. මම ජේසුස්වහන්සේගේ පොඩි පින්තුරයක් බෑග් එකෙ තියාගෙන ඉන්නවා. 

ඊට අමතරව අපේ පවුලෙ පස්දෙනාගේ පින්තූරයක් තියෙනවා. නත්තල කියන්නේ හරිම සුන්දර කාලයක්…. නත්තල් ගස් හදන්න නත්තල් සැරසිලි හදන්න මම ගොඩක් ආසයි” 

ඉතින් ශනුද්‍රි නත්තල වෙනුවෙන් ශනුද්‍රි ගොඩක් සුන්දර පින්තූර කිහිපයක්ම සමාජ ජාලාවලට එකතුකරලා තිබ්බා. ඉතින් මේ සුන්දර පින්තූර දැකපු හැමෝම වගේ කිවුවේ ඇයගේ සුන්දරත්වයට නත්තල් සීයා උනත් වශී වෙන්න පුළුවන් කියලයි.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha