ශානි අබේසේකරට උසස් වීමක්... මීළඟ පොලිස්පති ???

Report

ජාතික පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මෙම අනුමැතිය අද (04) දිනයේදී ජාතික පොලිස් කොමිසම විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිත තර්ජන, අනපේක්ෂිත බන්ධනාගාර ගත කිරීම් හා විවිධ අසාධාරණකම්වලට ලක්වු කීර්තිමත් විමර්ශන නිලධාරියෙකු ලෙස සැකලෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (විශ්‍රාමික) ශානි අබේසේකරට නව රජය විසින් අලුත් වගකීමක් පවරනු ලැබ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර ව වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත අලුතින් පත් කර ඇත්තේ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පරිබාහිර වූ වෙනත් කොට්ඨාසකට ය.

ඒ, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ය. මේ යටතේ අපරාධ බුද්ධි විශ්ලේෂණය සහ විමර්ශන මෙහෙයවීම ඔහුට පැවරෙන ප්‍රධාන වගකීම වනු ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2024 ඔක්තෝබර් 10 වැනිදා පැවති කොමිෂන් සභා සැසිවාරයේදී ඔහුගේ පත් කිරීමට අනුමැතිය ලබාදීමට තීරණය කර ඇති බව ය.

පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ඇති බැවින්, මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ණ එකඟතාවය මත මෙම පත් කිරීම් සිදුකර ඇති බවද පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේය.

ශානි අබේසේකර: මාස 10ක් රක්ෂිත බන්ධනාගාරට යැවූ චෝදනාවෙන් නිදහස් ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් ශානි අබේසේකර පැවසුවේ, ඉදිරියේදී තමන් අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බව ය.