ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දැරූ ශම්මි සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

2019 වසරේදී ප්‍රථම වරට සභාපති ධුරයට පත් වූ ඒ මහතා, වසර 7කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

පසුගිය කාලසීමාව පුරාම වත්මන් ක්‍රිකට් පරිපාලනයට එරෙහිව දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විවිධ චෝදනා එල්ල වූ අතර, ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස රජයේ පාර්ශ්වයන්ගෙන්ද බලපෑම් එල්ල වී තිබුණි.

විශේෂයෙන්ම, වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු රජයේ ඉහළම පෙළේ බලධාරීන් හමුවී වත්මන් පරිපාලනය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි මෙම ඉල්ලා අස්වීමට සෘජුවම බලපා ඇති බව පෙනෙන්නට තිබේ.

ශම්මි සිල්වා මහතාගේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉදිරි ගමන පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ දැඩි කුතුහලයක් නිර්මාණය වී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් යකා නටයි - ලොක්කෝ 22ක් සේවයෙන් එලවයි

ඩොනල්ඩ් ට්‍රම්ප් යකා නටයි - ලොක්කෝ 22ක් සේවයෙන් එලවයි

රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න

රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න