අද හවසට පරිස්සමෙන් - දිස්ත්‍රික්ක 14කට ප්‍රබල අකුණු සහ තද සුළං පිළිබඳ හදිසි අනතුරු ඇඟවීමක්
දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (22) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) පෙරවරු 11.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අම්පාර, කුරුණෑගල, කළුතර, කෑගල්ල, කොළඹ, ගාල්ල, නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතර, මාතලේ, මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
අදාළ දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි පැය කීපයේ පස්වරු 2.00න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අද දවසේ කාලගුණයේ වෙනස මෙන්න
