පිට පිට වසර දෙකක් තැපැල් සේවය ආදායම් ඉලක්ක අභිබවා යයි

Report

ශ්‍රී ලංකා තැපැල් සේවය පසුගිය වසරේදී සහ මෙම වසරේදී අඛණ්ඩව සිය ඉලක්කගත ආදායම් සීමාවන් අභිබවා ගොස් ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා.

කෙසේ වෙතත්, ආදායම් ඉලක්ක සපුරා ගැනීමට සමත් වුවද තැපැල් සේවය තවමත් සමස්තයක් ලෙස ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

තැපැල් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

පසුගිය වසර දෙකක කාලය තුළ තැපැල් සේවය සංවර්ධනය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද ඇය ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ඩොලර් බිලියන ගණනක් රට පටවපු ජාවාරම හෙළිවෙයි - බැංකු හා රේගුවේ නව පරීක්ෂණ ක්‍රමවේදයක්

ඩොලර් බිලියන ගණනක් රට පටවපු ජාවාරම හෙළිවෙයි - බැංකු හා රේගුවේ නව පරීක්ෂණ ක්‍රමවේදයක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ ලෝකයේ ඇතැම් රටවල තැපැල් සේවා සම්පූර්ණයෙන්ම වසා දමන තත්ත්වයක් පැවතියද, මෙරට තැපැල් සේවය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට රජය කටයුතු කර ඇති බවයි.

තැපැල් සේවය ලාභ නොලබන තත්ත්වයට පත්වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් දැරීමට සිදුවන විශාල වියදමද ඇය පෙන්වා දුන්නා.

එම ආයතනයේ වියදම් බර හේතුවෙන් තැපැල් සේවය අඩපණ කිරීමට හෝ වසා දැමීමට තීරණය කළ හැකි වුවද, රජය තෝරාගෙන ඇත්තේ රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් තැපැල් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තිය බවද ඇය සඳහන් කළා.

ඒ සඳහා සේවකයන් ඉලක්කගත ක්‍රමවේදයකට අනුව වැඩ කිරීම අත්‍යවශ්‍ය බවත්, ලාභ ලැබිය හැකි අංශ හඳුනාගෙන ඒවාට වැඩි ආයෝජනයක් සිදුකරමින් තැපැල් සේවය ඉදිරියට ගෙන යා යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් - ඉදිරි සේවාවන් ලබා ගන්නේ මෙහෙමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් - ඉදිරි සේවාවන් ලබා ගන්නේ මෙහෙමයි