‘Among Us’ ගේම් එක හරහා උදව් ඉල්ලූ අතුරුදන් වූ දැරිය - පැය 24ක් ඇතුළත ඇයව බේරාගත් මවකගේ සහ පුතෙකුගේ වීර ක්‍රියාව

By Kanchana Nov 22, 2026 07:02 AM GMT
Report

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක පිහිටි සිය පවුලේ නිවසේ නිදන කාමරයේ සිටි 16 හැවිරිදි ලැන්ඩන් ට්‍රෙස්ප් (Landon Tresp), එදිනට නියමිත ගෙදර දොරේ වැඩකටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අන්තර්ජාල ක්‍රීඩාවක නිරත වෙමින් සිටියේය. එහිදී ලැප්ටොප් පරිගණකය ඔස්සේ තවත් ක්‍රීඩිකාවක සමඟ කතාබහ කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි.

ඇය ද යොවුන් වියේ පසුවූ තරුණියක වූ අතර, දෙදෙනා අතර කෙටි කාලයක් තුළ සමීප මිත්‍රත්වයක් ගොඩනැගුණු බව ලැන්ඩන් BBC පුවත් සේවයට පවසා තිබේ.

එම තරුණියගේ නම පිළිබඳව තමන් කැමැත්ත පළ කළ අවස්ථාවේදී, එය ඇගේ සැබෑ නම නොව වෙනත් නමක් (Alias) බව ඇය හෙළි කළාය. එමෙන්ම තමන් නිවසින් පලා ආ අයෙකු බවත්, තම කැමැත්තට එරෙහිව වෙනත් පුද්ගලයෙකු විසින් රඳවාගෙන සිටින බවත් ඇය ලැන්ඩන්ට පැවසුවාය.

තම නිවසේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් සිටින බව පමණක් දැන සිටි ඇයට, තමන් රඳවාගෙන සිටින නිශ්චිත ස්ථානය පිළිබඳව අවබෝධයක් නොතිබිණි.

ඒ වනවිට 17 හැවිරිදි වියේ පසුවූ ඇය වසරකට වැඩි කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි තරුණියකි.

මෙම තොරතුරු දැනගැනීමෙන් ලැන්ඩන් දැඩි කම්පනයට පත්වූ අතර, ඇයට උපකාර කිරීමට නොහැකි තත්ත්වයක් තුළ තමන් අසරණ වූ බව ද ඔහු සඳහන් කර තිබේ.

සති දෙකක පමණ කාලයක් ඇය සමඟ සිදුකළ සංවාද ඔස්සේ තවත් තොරතුරු අනාවරණය කරගත් ලැන්ඩන්, මේ වසරේ ඔක්තෝබර් 31 වැනිදා සිය මව වන ක්‍රිස්ටිනා (Khristina) වෙත මේ පිළිබඳව දැනුම් දීමට තීරණය කළේය.

‘Among Us’ ගේම් එක හරහා උදව් ඉල්ලූ අතුරුදන් වූ දැරිය - පැය 24ක් ඇතුළත ඇයව බේරාගත් මවකගේ සහ පුතෙකුගේ වීර ක්‍රියාව | Teen Gamer And Mother Help Rescue Missing Girl

41 හැවිරිදි ක්‍රිස්ටිනා වෘත්තියෙන් හෙදියක වන අතර, දරුවන් පස්දෙනෙකුගේ මවකි.

එදින ඇය සිය බාල දරුවන්ට හැලොවීන් උත්සවය වෙනුවෙන් වේශ නිරූපණය කරමින් සිටියදී ලැන්ඩන් මෙම සිදුවීම පිළිබඳව ඇයට විස්තර කළේය.

ඒ අනුව මව සහ පුතා එක්ව අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමටත්, ඇගේ මව සමඟ සම්බන්ධ වීමටත්, FBI හෙවත් ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහාය ලබාගැනීමටත් පියවර ගත්හ. අවසානයේදී ලැන්ඩන් සිය මවට තොරතුරු දැනුම් දී පැය 24ක් ගතවීමටත් පෙර අදාළ තරුණිය මුදාගැනීමට හැකි විය.

අතුරුදන් වන විට 15 හැවිරිදි වියේ පසුවූ එම තරුණිය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිස්ටිනා සඳහන් කළේ, "ඇයට උදව් ඉල්ලා අත දිගු කිරීමට තිබුණේ එකම එක අවස්ථාවක් පමණයි. ඇය ඒ සඳහා තෝරාගෙන තිබුණේ මගේ පුතාවයි" යනුවෙනි.

තමන් පවසන කරුණු සනාථ කිරීම සඳහා ට්‍රෙස්ප් පවුල විසින් අදාළ තරුණිය සමඟ සිදුකළ සංවාදවල තිර පිටපත් සහ අපරාධ පැමිණිල්ලට අදාළ ඡායාරූපයක් ද BBC වෙත ලබාදී තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි


අන්තර්ජාල ක්‍රීඩාවකින් ගොඩනැගුණු මිත්‍රත්වය

තරුණිය මුදාගැනීමට සති කිහිපයකට පෙර, එනම් ඔක්තෝබර් මැද භාගයේදී ලැන්ඩන් පළමුවරට සිය මවට "ජෙනී" (Jenny) නමින් හඳුන්වන තරුණිය පිළිබඳව පවසා තිබුණි.

ආරක්ෂක හේතූන් මත BBC පුවත් සේවය ඇගේ සැබෑ අනන්‍යතාව හෙළි කර නොමැත. ක්‍රිස්ටිනා පවසන පරිදි, ජෙනී සමඟ අන්තර්ජාලය ඔස්සේ කතාබහ ආරම්භ කර සතියකට පමණ පසු ලැන්ඩන් ඇය පිළිබඳව මවට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ජෙනී තමන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කිරීමත් සමඟ ලැන්ඩන් දැඩි කනස්සල්ලට පත්ව ඇත. ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබුණේ 'Among Us' නම් අන්තර්ජාල ක්‍රීඩාව හරහාය. ලැන්ඩන් එම ක්‍රීඩාව විස්තර කර ඇත්තේ අභ්‍යවකාශය පසුබිම් කරගත්, අභිරහස් විසඳීමේ ක්‍රීඩාවක් වන 'Clue' හා සමාන අන්තර්ජාල ක්‍රීඩාවක් ලෙසිනි.

ජෙනී පවසා තිබුණේ තමන් නිවසින් පලා ආ තරුණියක බවත්, වැඩිහිටි පිරිමියෙකු විසින් තමන් වෙනත් ප්‍රාන්තයකට රැගෙන ගොස් එහි රඳවාගෙන සිටින බවත්ය.

ඔහු තමන්ට එම ස්ථානයෙන් පිටව යාමට අවසර නොදෙන බව ද ඇය සඳහන් කර තිබේ. ඇය අතුරුදන් වූ පුද්ගලයෙකු ලෙස පොලිස් විමර්ශනවලට ලක්ව සිටි අතර, තමන් අතුරුදන් වීම සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තා කිහිපයක සබැඳි ද ලැන්ඩන් වෙත යොමු කර තිබුණි.

එහෙත් පොලිසිය තවදුරටත් තමන් සොයන්නේ නැතැයි ඇය විශ්වාස කර තිබේ.

ජෙනී දැඩි බියකින් සහ අසරණභාවයකින් පසුවන බව වටහාගත් ලැන්ඩන්, ඒ පිළිබඳව සිය මවට දැනුම් දුන්නේය.

මවක සතු සහජ ආරක්ෂණ හැඟීමෙන් ක්‍රියාත්මක වූ ක්‍රිස්ටිනා, 'Discord' නම් සන්නිවේදන වේදිකාව ඔස්සේ ජෙනී සමඟ සෘජුවම සම්බන්ධ වූවාය. එහිදී තමන් වසර ගණනාවක් පුරා අපයෝජනයන්ට සහ විවිධ දුෂ්කරතාවලට මුහුණ දී ඇති බව ජෙනී ක්‍රිස්ටිනාට පවසා තිබේ.

එම සංවාදය ආරම්භ වී පැය කිහිපයක් ගතවීමටත් පෙර ජෙනී, ක්‍රිස්ටිනාට "අම්මේ" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පටන්ගෙන තිබීම ද විශේෂත්වයකි.

බඹරේ වැල්ලේ කැරකෙන කිරි ගහට ඇන්නා වගේ වැඩ තිතට හරියන අද දවසේ පලාපල

බඹරේ වැල්ලේ කැරකෙන කිරි ගහට ඇන්නා වගේ වැඩ තිතට හරියන අද දවසේ පලාපල

ක්‍රිස්ටිනාගේ සොයා බැලීමෙන් සැක සහිත ස්ථානය හඳුනාගනී

අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තා පරීක්ෂා කළ ක්‍රිස්ටිනාට, සිදුවීමේ බරපතළකම තේරුම් ගැනීමට හැකි විය.

තමන් සිටින්නේ ඔරිගන් (Oregon) ප්‍රාන්තයේ බවත්, එහි නගරයක නමක් දන්නා බවත් ජෙනී පවසා තිබුණද, තමන් රඳවාගෙන සිටින නිශ්චිත ස්ථානය පිළිබඳව ඇයට අවබෝධයක් නොතිබිණි.

තවත් තොරතුරු අවශ්‍ය බව වටහාගත් ක්‍රිස්ටිනා, නිවසේ තිබෙන තම සම්පූර්ණ නම සඳහන් ලිපියක් හෝ වෙනත් ලේඛනයක් සොයා බලන ලෙස ජෙනීගෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව ජෙනී එවැනි ලේඛනයක් සොයාගෙන තිබේ.

"එතැන් සිට මම ක්‍රියාත්මක වුණා" යැයි පවසන ක්‍රිස්ටිනා, බදු වාර්තා සහ දේපළ ලේඛන පරීක්ෂා කිරීමට පියවර ගත්තාය. ඒ ඔස්සේ සැක සහිත ලිපිනයන් කිහිපයක් හඳුනාගත් ඇය, දේපළ වෙළෙඳාම් වෙබ් අඩවියක් හරහා එම ස්ථානවල ඡායාරූප සොයා බැලුවාය.

පසුව එම ඡායාරූප ජෙනී වෙත යොමු කළ අතර, තමන් රඳවාගෙන සිටින්නේ දෙවැනි ඡායාරූපයේ දැක්වෙන ස්ථානයේ බව ජෙනී තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ජෙනී ක්‍රිස්ටිනාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

"ඇය මගෙන් ඉල්ලා සිටියේ, ඇයව රඳවාගෙන සිටින පුද්ගලයා නිවසින් පිටව යන තුරු මේ පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙසයි.ඔහු සතුව ආයුධ තිබූ නිසා ඇය දැඩි බියකින් පසුවුණා" යැයි ක්‍රිස්ටිනා පැවසුවාය.

FBI මැදිහත්වීමෙන් තරුණිය මුදාගැනීම

පසුදා උදෑසන අදාළ පුද්ගලයා නිවසින් පිටව ගිය පසු, ක්‍රීඩා වේදිකාව ඔස්සේ නැවතත් තමන් සමඟ සම්බන්ධ වන බවට ජෙනී පොරොන්දු වී තිබුණි.

මේ අතර ක්‍රිස්ටිනා, ජෙනීගේ මව සමඟ ද සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී දුරකථනයෙන් කෙටි සංවාදයක නිරත වූවාය. ඉන් අනතුරුව ඇයට FBI නියෝජිතයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ. "ඔබ ඇයව ජීවතුන් අතර සිටියදී දැක තිබේද?" යනුවෙන් එම නියෝජිතයා ක්‍රිස්ටිනාගෙන් විමසා ඇත.

"ඔව්, මම ඇයව දැක තිබෙනවා. අපි වීඩියෝ ඇමතුමක් ඔස්සේ කතා කළා. මම ඇයව දැක්කා" යනුවෙන් තමන් පිළිතුරු දුන් බව ක්‍රිස්ටිනා සිහිපත් කළාය.

එම අවස්ථාවේදී ජෙනීගේ මව, "දෙවියනේ, මට මේ කිසිවක් විශ්වාස කරන්න බැහැ" යනුවෙන් ප්‍රකාශ කර තිබේ. ජෙනීව රඳවාගෙන සිටි බව කියන පුද්ගලයා නිවසින් පිටව ගිය පසු ඇය නැවතත් ක්‍රිස්ටිනා සමඟ දුරකථන සංවාදයකට එක්වූ අතර, එම සංවාදය FBI නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ.

අපරාධ පැමිණිල්ලේ සඳහන් සංවාද වාර්තාවට අනුව, 2025 මැයි මාසයේදී සමාජ මාධ්‍ය හරහා ඇඩම් හන්ටර් හාර්මෙල් (Adam Hunter Harmel) නමැති පුද්ගලයා හඳුනාගත් ආකාරය ජෙනී එහිදී විස්තර කර ඇත.

තමන් ආබාධිත පුද්ගලයෙකු බවත්, උකුල් ප්‍රදේශයේ බරපතළ ගැටලු පවතින බවත් හාර්මෙල් ඇයට පවසා තිබේ. තමන්ට ඔරිගන් ප්‍රාන්තයට යාමට උපකාර කළහොත් මුදල් ලබාදෙන බවට ද ඔහු පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත්, යූටා (Utah) ප්‍රාන්තයේදී ජෙනීව රැගෙන ගිය පසු හාර්මෙල් ඇගේ ජංගම දුරකථනය ගඟකට විසි කර දමා තිබේ. අනතුරුව ඇයව ඔරිගන් ප්‍රාන්තයට රැගෙන ගොස් නිවසක බිම් මහලේ රඳවාගෙන සිට ඇති බව අපරාධ පැමිණිල්ලේ සඳහන් වේ. ඇයට පලා යාමට නොහැකි වන පරිදි ඔහු විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර, ඔහුගේ කොට්ටය යට පිහියක් ද තබාගෙන සිටි බව කියැවේ.

යාපනය කළඹපු යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම - සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්

යාපනය කළඹපු යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම - සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ්

. පසුව ඔහු ජෙනීට ජංගම දුරකථනයක් ලබාදී තිබුණද, එම දුරකථනයෙන් සාමාන්‍ය දුරකථන ඇමතුම් ලබාගැනීමට නොහැකි වී තිබේ. එහෙත් Wi-Fi සම්බන්ධතාව භාවිත කළ හැකිව තිබූ බැවින් ඇය අන්තර්ජාල ක්‍රීඩාවල නිරත වී ඇත්තේ එම දුරකථනය හරහාය.

අපරාධ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ 39 හැවිරිදි හාර්මෙල් ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණශීලී ලෙස හැසිරී ඇති බවයි. ඊට ජෙනීට පහරදීම සහ ලිංගික අතවර කිරීම ද ඇතුළත් බවට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම ඇයගේ අනන්‍යතාව හඳුනාගැනීම වැළැක්වීමේ අරමුණින් ප්ලයර්ස් (Pliers) උපකරණයක් භාවිත කරමින් දත්වල සවි කර තිබූ වරහන් (Braces) ඉවත් කිරීමට ද ඔහු ඇයට බල කර ඇති බව අපරාධ පැමිණිල්ලේ සඳහන් වේ.