දිවයිනේ පවත්වාගෙන යන සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්

Report

2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.

මෙතෙක් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ පූර්ව ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් - ඉදිරි සේවාවන් ලබා ගන්නේ මෙහෙමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් - ඉදිරි සේවාවන් ලබා ගන්නේ මෙහෙමයි

ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් සභා ඒකාබද්ධව පෙර පාසල් සඳහා පොදු විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පුහුණු කටයුතු ද මේ වන විට සිදු කරමින් පවතී.

මේ අතර, 2027 අයවැය මඟින් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමෙන් ඔබ්බට ගොස් ජනතාව අපේක්ෂා කළ සමාජ හා ආර්ථික පරිවර්තනය කරා රට ගෙන යාමට මූලික ප්‍රවේශයක් ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - රජයෙන් මේ පුහුණුව කඩිනම් කිරීමට උපදෙස්

මේ උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - රජයෙන් මේ පුහුණුව කඩිනම් කිරීමට උපදෙස්

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම මෙන්ම කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය සහ දරුවන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.