පකිස්ථානය පැරදුණා කියා එංගලන්තයට අතට අත දුන්න ශඩාබ්ට DRS නිසා ලැබුණු අදහාගත නොහැකි ජයග්‍රහණය [VIDEO]

Report

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති එක්දින තරගයේදී ශඩාබ් ඛාන් දැවී ගිය බවට විනිසුරු තීරණය කිරීමෙන් පසු එංගලන්තය ජයගත් බවක් පෙනී ගියද, තෙවැනි විනිසුරුගේ DRS පරීක්ෂාවකින් තරගයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

ඔක්තෝබර් 25 වැනිදා ලාහෝර්හිදී පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ මෙම තරගයේදී පාකිස්තානය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 21ක් ලබාගත යුතුව තිබියදී ශඩාබ් ඛාන් LBW ක්‍රමයට දැවී ගිය බවට විනිසුරු තීරණය කළේය.

එම තීරණයෙන් පසු ශඩාබ් සිය පිත්ත බිමට ගසා එංගලන්ත ක්‍රීඩකයන් සමඟ අතට අත දී සුබපතාගැනීමට ද පටන් ගත්තේය. එංගලන්තය ලකුණු 20කින් තරගය ජයගත් බවට රූපවාහිනී විකාශයේ ද දැක්වුණු බව වාර්තා කරයි.

කිවියන් පරදා ඉන්දියාවට තවත් සුපිරි ජයක් - තිලක් සහ නිතිෂ් පිත්තෙන් වැඩ පෙන්වයි

කිවියන් පරදා ඉන්දියාවට තවත් සුපිරි ජයක් - තිලක් සහ නිතිෂ් පිත්තෙන් වැඩ පෙන්වයි

කෙසේ වෙතත්, පසුව සිදුකළ DRS පරීක්ෂාවේදී පන්දුව ශඩාබ්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී ඇති බවට UltraEdge තාක්ෂණයෙන් සංඥාවක් පෙන්නුම් කළේය. ඒ අනුව ඔහු දැවී නොගිය ක්‍රීඩකයකු ලෙස තීරණය වීමත් සමඟ තරගය යළිත් උණුසුම් විය.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහකට ලක්වූ අතර, මුලින් රූපවාහිනී දර්ශනවල ශඩාබ් DRS ඉල්ලා සිටින ආකාරය පැහැදිලිව නොපෙනීම හේතුවෙන් ඇතැම් ප්‍රේක්ෂකයෝ ඒ පිළිබඳ ප්‍රශ්න කළහ. කෙසේ වෙතත්, පසුව ලැබුණු වෙනත් කැමරා කෝණයකින් ඔහු DRS ඉල්ලා සිටි බව පෙනී ගිය බව වාර්තාවේ සඳහන් වේ.

ශඩාබ්ගේ සුපිරි ඉනිමෙන් පාකිස්තානයට ජය

මෙම තරගයේදී ශඩාබ් ඛාන් පන්දු 96කින් නොදැවී ලකුණු 113ක් රැස්කරමින් පාකිස්තානයේ ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

පාකිස්තානය එක් අවස්ථාවක කඩුලු 9ක් දැවී ලකුණු 154ක් ලබා සිටි අතර, එම අවස්ථාවේදී එංගලන්තයට ජයග්‍රහණය හිමිවනු ඇතැයි පෙනී ගියේය. එහෙත් ශඩාබ් සිය විශ්වාසය අත් නොහැර අවසන් මොහොත දක්වා සටන් කළේය.

ඔහුට අනෙක් අන්තයෙන් සහාය වූ හාරිස් රවුෆ් පන්දු 19කදී ලකුණු 7ක් රැස් කළේය.

බලාපොරොත්තු සුන් වූ මොහොතක ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරමින් ලෝක වාර්තාවක් - ආශ්චර්යමත් ජයග්‍රහණයක් සමඟ ෂඩාබ්ගෙන් ශතකයක්

බලාපොරොත්තු සුන් වූ මොහොතක ක්‍රිකට් ඉතිහාසයම වෙනස් කරමින් ලෝක වාර්තාවක් - ආශ්චර්යමත් ජයග්‍රහණයක් සමඟ ෂඩාබ්ගෙන් ශතකයක්

ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් ශඩාබ් කියා සිටියේ තමන්ට වඩා හාරිස් එම සබඳතාව වෙනුවෙන් වැඩි ගෞරවයක් හිමිවිය යුතු බවයි. “කණ්ඩායම ජයග්‍රහණය කළ විට තමයි ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් සැබෑ සතුටක් ලැබෙන්නේ. ඒ නිසා මම ඉතා සතුටු වෙනවා. මට වඩා හාරිස්ට වැඩි ගෞරවයක් හිමිවිය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය. මෙම දක්ෂතා හේතුවෙන් ශඩාබ් තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.

මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්තානය තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, එංගලන්තයට තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමකට මුහුණ දීමට සිදුව තිබේ.

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව

''ලකුණු 200ක් ගත්තත් ජයග්‍රහණය කරන්න බැරි වුණා'' - ලකුණු 430ක වාර්තාගත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව ගැන හැරී බෲක් කියූ කතාව