කළුතර කැළඹූ වෙඩිල්ලේ අවන්හල් හිමිකරුවෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට - සියලු සැලසුම් හෙළි වෙයි

Report

කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල, රණාල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී බව සඳහන්.

ඉකුත් 09 වැනි දින උදෑසන නාගොඩ අවන්හල ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමෙන් අවුරුදු 54ක් වූ අවන්හල් හිමිකරු මිය ගිය අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ද පසුව රෝහල් ගත කිරීමේදී මිය ගියා.

අඳාළ වෙඩි ප්‍රහාරය යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කර පලා ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධව පොලිසිය විමර්ශනයක්ද ආරම්භ කර තිබුණු බව සඳහන්.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

ඒ අනුව එම අපරාධයට සම්බන්ධ දුරකථන විශ්ලේශණ වාර්තා සහ CCTV දර්ශන අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු කඩුවෙල ප්‍රදේශයේ රැඳී සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට අනාවරණය කර ගැනීමට හැකිව ඇති අතර ඒ අනුව කඩුවෙල, රණාල ප්‍රදේශයේ දී අදාළ සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දිප්පිටිගොඩ ශක්ති නැමැත්තාගේ ඥාති නිවසක මෙම සැකකරු සැඟව සිට ඇති බවයි. එසේම අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වූ බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පවසයි.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එමෙන්ම වෙඩික්කරු කළුතර නවීන් නැමැත්තාගේ උවමනාව මත මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇති බවද සඳහන්.

එසේම මෙම ඝාතනය සඳහා ටී56 ගිනි අවියක් වෙනත් පුද්ගලයෙකු ඔහුට ලබා දී තිබෙන අතර ඝාතනයෙන් පසු එම ගිනිඅවිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව ආසන්නයේදී වෙනත් පුද්ගලයෙකු වෙත ලබා දී ඇති බවත් මේ වන විට හෙළි වී ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි

අද මුළු රටම හොයපු ලග්න පලාපල - දවසම සුබ වෙන්නේ මෙහෙමයි